සෙල්ලකතරගම ඝණ දේවාලයට සිතූ පැතූ සම්පත් දෙන බව කියන පහනක් තනා දීමට එහි කපු මහතාගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි සැකපිට මොරටුවේ චේතිය මහගොඩගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් චේතිය මහගොඩගේට රුපියල් දස ලක්ෂයක ශරීර ඇප නියම විය.
චේතිය ඔහුගේ බිරිය ද සමග කිහිප වරක් දේවාලයට පැමිණ තමා සමග මිත්‍ර වී ඉන් පසු පහණ තැනීමට රුපියල් ලක්ෂ 30ක් දුන් බව කපු මහතා කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.

