කප්පම් සැකකරුවෝ ඇප ලබති
කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ විසි එකක් කප්පම් ගෙන, ප්‍රාණ ඇපයේ සිටි ඔහුගේ සහෝදරයා වන ව්‍යාපාරිකයා මුදාහැරීමට රුපියල් දසලක්ෂයක් ඉල්ලූ බව කියන පොලිසියේ තිදෙනෙකු ඇතුළු සැකකරුවන් සිවුදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දැඩි කොන්දේසි මත ඇප නියම කළේය.
බොරැල්ලේ එස්.කේ.චමින්ද, පන්නිපිටියේ කේ කේ සංජීව ප්‍රියන්ත, වත්තල මොහොමඩ් සකීර් හුසේන් හා නාවල පී සී චන්ද්‍රසෝම රූපසිංහ එසේ ඇප ලැබූවෝය.

