කප්පම් කොල්ලා අල්ලන්න පොලිසිය පැය තුනක් දුවයි
මොරටුවේ රාවතාවත්තේ ව්‍යපාරිකයකුගේ 15 හැවිරිදි පුතා මැරීමට රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පවසා එය වැළැක්වීමට රුපියල් ලක්ෂ තුනක් ඉල්ලූ සිසුන් දෙදෙනකුගෙන් එක් අයකු අල්ලා ගැනීමට පොලිසිය ලුනාවේ දී පැය තුනක් දිව්වේය. පොලිසිය ඇටවූ උගුලේ ඔවුහු අසු වූහ. එහෙත් මලල ක්‍රීඩකයකු වන සිසුවා දුවන්නට විය. පොලිසිය සැකකරුවන් අසුකැර ගත්තේ කිලෝමීටර් කිහිපයක් ඔහු පසුපස හඹා යෑමෙන් පසුවය.

