කොළඹ හා අවට පෙදෙස්හි ව්‍යාපාරිකයින්ට,වෛද්‍යවරුන්ට සහ ධනවතුන්ට දුරකතනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලුවහොත් බිය නොවී වහාම ළඟම පොලිසියට හෝ කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාශයට පැමිණිලි කරන ලෙසට ඉල්ලා සිටින බව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතා කියයි.
බන්ධනාගාරයේ දීර්ඝ කාලයක් සිරදඬුවම් විදින්නන්ගේ මෙවැනි තර්ජනයන් සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වෙදසිංහ මහතා පවසයි.
මෙම පිරිස පාතාල සාමාජිකයින්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන පිරිසක් බවද පුවත්පත්හි විවිධ දැන්වීම් වල සඳහන් අංක වලට මේ ඇමතුම් දෙන බවද කියති.
දුරකතන අංක - කොළඹ අපරාධ කොට්ඨාශය
0112 - 662311
0112 - 685151

