කඳුළු මැදින් මැදවච්චිය ලස්සන කරයි


දැයට කිරුළ වැඩ පිළිවෙළ යටතේ මැදවච්චි නගරයේ පාර දෙපස අඩි පනහක් දක්වා පුළුල් කැරගෙන යයි. මේ නිසා නිවාස හා කඩ සාප්පු රැසක් කඩා ඉවත් කර ගැනීමට සිදුවෙතියි ව්‍යාපාරිකයෝ මැසිවිලි නඟති. ඔවුන් කැමැත්තෙන් ඊට ඉඩදෙතියි නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ ඞී. එම්. බී. රණතුංග මහතා කියයි. එහෙත් මැදවච්චි වෙළෙඳ සංගමය කියනුයේ කැකිරාව වැනි දියුණු නගර පවා එලෙස තිබියදී මැදවච්චියට මෙවැනි තීන්දුවක් ගැනීම අසාධාරණ බවයි.