අන්තර් පළාත් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ තිළිණ කණ්ඩම්බි නායකයා ලෙස කටයුතු කරන ක`දුරට - ඌව ඒකාබද්ධ පිල සහ මලින්ද වර්ණපුර නායකයා ලෙස කටයුතු කරන බස්නාහිර පිල අතර අද (19) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ක`දුරට - ඌව ඒකාබද්ධ පිල ලකුණු 80 ක පහසු ජයක් ලැබීය.
කඳුරට - ඌව ඒකාබද්ධ පිල ඕවර 44.5 කදී 214
(දිමුත් කරුණාරත්න 80, භානුක රාජපක්‍ෂ 28, දිල්හාන් කුරේ 33, සචිත‍්‍ර සේනානායක 43, ඉෂාන් ජයරත්න 33/3, සචිත‍්‍ර සේරසිංහ 43/2, මලින්ද වර්ණපුර 23/2, සජීව වීරකෝන් 48/2)
බස්නාහිර පිල ඕවර 35.3 කදී 134
(මහේල උඩවත්ත 35, සචිත‍්‍ර සේරසිංහ 1, මලින්ද වර්ණපුර 20, කිත්රුවන් විතානගේ 24, දුලංජන මෙන්ඩිස් 33/5, දිල්හාර ප‍්‍රනාන්දු 17/3)

