කඳුකරේ නව ජලාශය


ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පාමුල ඉහළ කොත්මලා ඔය නව ජලාශය දැන් පිරෙයි. ජල මට්ටම ඉහළ යන හෙයින් දැඩි සෝදිසියෙන් සිටින්නැයි නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කොත්මලාඔය දෙපස පදිංචිකරුවනට අවවාද කරයි.