විනීතා එම් ගමගේ
මධ්‍යම කඳුකරයේ වවා ඇති යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා, ඇතුළු පරිසර හිතකාමි නොවන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාඛ වැවීමට රජය පියවර ගෙන ඇත.
අක්කර 3,50,000 කට අධික ප‍්‍රමාණයක ෆයිනස් ඇකේෂියා හා යුකැලිප්ටස් වැනි විදේශීය ශාක වර්ග වවා ඇති අතර වාණිජ වගාවන් ලෙස වවා ඇති මෙම ශාක හේතුවෙන් මධ්‍ය කඳුකරයේ ජල පෝෂක විනාශ වන බවත් යටි වගාවන් වැනසී යාම නිසා පස සේදී යන බවත් පරිසර විද්‍යාඥයින් කලක් තිස්සේ පෙන්වා දෙනු ලබයි.
කෘෂිකර්ම අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව මෙම කටයුත්ත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පැවැසීය.
ඉක්මණින්ම මෙම ආගන්තුක ශාක මධ්‍ය කඳුකරයේ සංවේදී පරිසරයෙන් ඉවත්කර දේශීය ශාක වවන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
මී, පලූ, වීර, කොස්, ඉඟිනි, මොර, කළුවර ඇතුළු දේශීය ශාක මේ සඳහා යොදා ගන්නා බව ද මෙහි ආරම්භක ව්‍යාපෘතිය හපුතලෙන් ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.
හපුතලේ දියතලාව ප‍්‍රදේශවල අක්කර 100 කට අධික ෆයිනස් වගාවක් ඉවත් කර දේශීය ශාඛ වැවීමට මේ වනවිට සියල්ල සුදානම් කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.