කඳවුරේ දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක්


(බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි)
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා  තිබියදී සොයාගත් බව එම දැරියන්ගේ මවුවරු පවසති.
මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දුන් බව කඳවුරේ පාලක පී.ජී. චන්ද්‍රසිරි මහතා පැවැසීය.
එම පැටක් තිසරපටය තුළ ඉතා හොඳින් අසුරා මසා නිම කර ඇතැයි ද මවුවරු පැවැසුවෝය. මෙම තිසර පට වැඩිහිටියන්ට නොව දරුවන්ට පමණක් ලබාදෙන බව ඒවා බෙදු කාන්තාව පැවැසුවේ යැයි කඳවුරේ කාන්තාවෝ පවසති.