
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලී කඳන් පටවාගෙන කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් වස්කඩුව ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අද (12) අලුයම පෙරැළී යාමෙන් ගාලුපාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි කළුතර-උතුරු පොලිසිය කියයි.
කන්ටේනර් රථය පෙරැළීමත් සමඟ එහි රියැදුරු සහ සහයක එයින් පිටතට පැන දිවි බේරාගෙන තිබේ .
කන්ටේනර් රථයේ පිටුපස ටයරයක් පිපිරී යාමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.


