කලකින් වැසි නොලැබුණු කැබිතිගොල්ලෑව, යකාවැව හා හල්මිල්ලවැව ගංවල ජනයා ජල හා ආහාර හිගයකට මුහුණපා සිටී.
මීට අට වසරකට ඉහත දී කොටි ප්‍රහාරයක් එල්ල වූ මේ ගම තවමත් දුප්පත්කමේ අඩියේම ගිළී ඇත.
වැව් අමුණු ඇළ දොළ හා ළිං ද සිදී ගොසිනි.
ගැමියෝ කිසිවක් නොඉල්ලති. බීමටත් කුඹුරටත් වතුර පමණක් ඉල්ලති.
කොටි එදා මේ ගමේ 75 දෙනෙක් පමණ ඝාතනය කළහ. කොටි බෝම්බයකට අසුවූ පියකු දරුවකුගේ සිරුරක් තුරුළු කරගෙන හඬා වැටෙන ඡායාරූපයක් ලංකාදීපයේ පළ විය.
සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක (32) එම තරුණායයි. ඔහු ඔහුගේ ට්‍රැක්ටරයෙන් මිනිසුන්ට හැකි පමණ වතුර බෙදා දෙයි.
සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක මහතා අද
ජී කේ දසනායක මහතා එදා

