කන්න බැරි කොකෝ ඉන්දියාවට මොකෝ


නිෂ්පාදිත දිනා හා කල් ඉකුත්වන දින රහිතව ඉන්දියාවට යැවීමට ඇසුරුම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා කොකෝවා ඇට ටොන් 67ක්  කැලණිය බියගම පාරේ ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

ගම්පහ පාරිභෝගික සේවා අධිකරියට ලැබුණු පැමිණිල්ලක් අනුව දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් අද (17) සවස එම වැටලීම සිදු කළහ.