කන්දකැටියේ සැරයන්වරයකුට පහර දීලා



(නිශාන්ත කුමාර) 

රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි  කන්දකැටිය පොලීසියේ සැරයන්වරයකුට කිසියම් පුද්ගලයකු විසින් පහරදීමෙන් පසුව තුවාල ලැබූ සැරයන් මීගහකිවුල රෝහලටත් පසුව බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (3) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට පැමිණවීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.