කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම්කරුවන් හා නාවික හමුදාව සමඟ ඇති වූ ගැටුම් වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකු තුවාල ඇති බව නාවික හමුදාව පවසයි.
තුවාල ලැබූවන්ගේ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජනාධිපතිතුමාගේ හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ උපදෙස් අනුව මහවැලි ගඟේ සිදුකරන අනවසර වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් නාවික හමුදාව හා විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් සිදුකරනු ලබන බව ඔහු වැඩිදුරටත් කීය.
(28535)
(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)









