(ඉන්දිකා රාමනායක)
පුනානි සහ කන්දකාඩු කන්දල්කාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා නිරෝධායනය වු 317 පිරිසක් අද (24) නිවෙස් බලා පිටත් වු බව හමුදාව පවසයි.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 207 සහ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 110ක් වශයෙන් මෙම පිරිස සිටි බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.
එහි පිරිමි පුද්ගලයන් 235 හා දෙනකු හා කාන්තාවන් 87 දෙනෙකු සිටින බව පැවසේ.
දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මෙම පිරිස ඉකුත් (10) වෙනි දින නිරෝධායන කටයුතු සඳහා පුනානි සහ කන්දකාඩු වෙත යොමුකර තිබිණි.
හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධික්ෂණය හා උපදෙස් මත නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් විශේෂඥ වෛද්‍ය ශවේන් සේමගේ මහතා ඇතුළු කාර්ය කාර්ය 75 කට අධික කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළහ.
මෙම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව ඊයේ පෙරවරුවේ ඔවුන් නිවෙස් බලා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි.
මෙම පිරිස සමග කන්දකාඩු හා පුනානි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ 28 දෙනකු කොරෝනා ආසාදිත වී තවමත් රෝහල් ගතකර ඇත.
(ඡායාරූප - නිමල් ජයරත්න)




