( උපාලි ආනන්ද)
යුද්ධය පැවැති සමයේ කන්තලේ භාරතීපුරමිහිදි නිරායුධ ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් අට දෙනෙකුට විවිධ වද හිංසා පමුණුවා ඔවුන් සියලූ දෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා රිමාන්ඩ් කර සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු පොලිස් නිළධාරීන් , සිවිල් ආරක්ෂක සෙබළු ඇතුළු හය දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (30) නියෝග කළේය.
ඒ අනුව සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂක් වටිනා ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සෑම මසකම අවසන් ඉරිදා දිනයේ පෙරවරු 8 ට රහස් පොලිස් මූලස්ථානයට වාර්තා කරන ලෙසටද විත්තිකරුවන්ට නියෝග කළේය.
ඇප මත මුදා හැරියේ කේ. එමි. නිහාල් පේ‍්‍රමසිරි කෝනාර, ජී. ජී. තිස්ස බංඩාර, ආර්. එමි. රණරාජා බංඩාර, යාගම ලියනගේ සෝමරත්න ටී. එස්. එමි. මයුරසේන, ආර්. ආර්. සෙනරත් බංඩාර මැදිවෙල යන විත්තිකාර පොලිස් නිළධාරීන්ය.
මෙම නඩුව සමිබන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් පොලිස් නිළධාරීන් පස් දෙනෙකු ඔවුනට එරෙහිව තිබූ සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා මීට පෙර නියෝග කර තිබිණි.
1998 වර්ෂයේ පෙබරවාරි මස 01 වැනි දින හෝ ඊට ආසන්න දිනයක කන්තලේ භාරතීපුරමි පදිංචිව සිටි නිරායුධ සිවිල් වැසියන් අට දෙනෙකු බලහත්කාරයෙන් සිර කර තබා ගෙන විවිධ විවිධ වදහිංසා පමුණුවා ඔවුනට වෙඩි තබා ඝතනය කල බවට මෙම විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව චෝදනා තිස් හතක් යටතේ නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
මෙම ඝාතන සිද්ධිය සමිබන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටින කේ. කේ. චන්ද්‍රසේන බංඩාර නැමැති විත්තිකාර පොලිස් නිළධාරියා දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම නිසා ඔහු වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහාධිකරණ විනිසුරුවරයා පොලිසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කළේය.
සිද්ධියට අදාලව මීට පෙර නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ පී. ජයරත්න, ඒ. කේ. රම්‍යසිරි, ඩබි.එමි.බර්ටි සමරසිංහ, එස්.එමි.අජිත් සිසිර කුමාර, කේ.එමි.ලක්මිණි විජේබංඩාර යන විත්තිකරුවන්ය.
රාජකාරි සදහා නිකුත් කර තිබූ ස්වයංක‍්‍රීය ටී 56 ගිනි අවි, එල්.එමි.ජී ගිනි අවි සහ ස්වයංක‍්‍රීය පිස්තෝල යොදා ගෙන නිරායුධ ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් වන පෝන්නමිබලමි කනග සෙබි, අමිර්තලිංගමි සුරේන්ද්‍ර, අමිර්තලිගමි ගජේන්ද්‍ර, ආරුමුගමි සේගර්, ගුනරත්නමි ශිවරාජා, සුබ‍්‍රනියමි තිවාකරන්, මුරුගේසු ජනගන්, හා නාගන් පවලනාදන් ඝාතනය කර ඇති බව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රයේ සදහන්ය.