( ගම්පහ තිලකරත්න දිසානායක.)
කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත නගරය ආසන්නයේදී අද (30) අලුයම 5.15 ට පමණ පිහිටි මිනීමරු බෝක්කුව නමින් හැදින්වෙන ගැඹුරු ජලාශයට කන්ටේනරයක් පෙරලී ඇත.
කොළඹ සිට දඹුල්ල දක්වා රතුලුණු තොගයක් රැගෙන යමින් තිබු අඩි 40 ක් දිගැති කන්ටේනරයක් මෙලෙස පෙරලී ඇති අතර රථයෙහි කාර්මික දෝශයක් මත අනතුර සිදුව ඇති බව යක්කල පොලිස්ථානාධිපතිවරයා පැවසීය.
මෙම කන්ටේනරය කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගනිමින් තිබු බසයකද ගැටී පෙරලී ඇති අතර බසයේ ගැටී ඇත.
කන්ටේනරයෙහි රියදුරා පමණක් සිට ඇති අතර සුළු තුවාල ලබා ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.




