කන්ටේනරයක් දක්ෂිණ අධීවේගයේ මැද වැට කඩාගෙන යයි


සිරංගිකා ලොකුකරවිට 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් කිලෝ මීටර 12-13 අතර දී අද (15) අලුයම මාර්ගය මැද ඇති ආරක්ෂිත වැට කඩාගෙන ගොස් නතර වී ඇතැයි අධිවේගී මාර්ග පොලිිසිය පවසයි. 

ගාල්ල දෙසට ධාවනය මෙම රථයේ මුහුණත කොටස වැට කඩාගෙන ගොස් ගාල්ල සිට කොට්ටාව දෙසට ධාවනය වන අනෙක් පස මං තීරුවට පැමිණ තිබිණි. මේ හේතුවෙන් අනතුර සිදුවූ ස්ථානයේ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට හා කොළඹ දෙසට ධාවනය වන මං තීරුව බැගින් වසා දැමීමට පොලිසියට සිදුව තිබිණි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)