කන්කසන්තුරේ නැංගුරම්ලා තිබු නැවක් ගිනි ගනී
එෆ් .අස්ලම්
කන්කසන්තුරේ මෛලිට්ටු වරායේ වසරක පමණ කාලයක් නැංගුරම්ලා තිබූ නැවක් අද (18) ගිනිගෙන තිබේ.
ගින්න නිවාදැමීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගිනි නිවීමේ හමුදාවේ ද සහාය ගෙන ඇත.
දීර්ඝ කාලයක් සිට නැංගුරම්ලා තිබුණු මෙම නෞකාව මෙලෙස ගිනිගෙන තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගින්නෙන් නෞකාව විනාශ වී ඇති බවද පැවසේ.