කනට ගැසූ ඒ.එස්.පීට චෝදනා පත්‍රයක්


ඉන්දිකා රාමනායක

හම්බන්තොට දී විරෝධාවේ නිරතව සිටියදි  අත්අඩංගුවට ගත්  තරුණයකුට ප්‍රසිද්ධියේ  පහරදීමේ සිද්ධියේ  චෝදනා එල්ල වී සිටින සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාට  චෝදනා පත්‍රයක් බාර දීමට  ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත.
 
මේ  සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ජාතික පොලිස් කොමිසම පත් කළ ත්‍රිපුද්ගල කමිටුව දළුවත්ත මහතා වෙත චෝදනා පත්‍රයක් බාර දිය යුතු බවට  කර තිඛෙන නිර්දේශ අනුව   මෙම චෝදනා පත්‍රය ලබාදීමට  පොලිස් කොමිසමේ විධායක කමිටුව  තීරණය කළ  බව   කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා  පැවසීය.
 
ආයතන සංග්‍රහයේ  දෙවන ඛාණ්ඩයේ විනය  කාර්ය පරිපාටිය අනුව මෙම චෝදනාපත්‍රය ලබාදෙන බවත් එය ලබන සතියේ ලබා දෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය.
 
මෙම චෝදනා පත්‍රය නිකුත් කර මසක් ඇතුළදී  දළුවත්ත මහතාට  නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි බවද  ලේකම්වරයා සඳහන් කළේය.