කදුළු ගෑස් අවියක් පුපුරා මියගිය එස්.අයිට උසස් වීමක්


(ඉන්දිකා  රාමනායක)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයේ  ඉකුත් (9) දින රාත්‍රියේ පැවති  උද්ඝෝෂණයක් මැඩපැවැත්වීම සඳහා සහභාගිවී සිටියදී කඳුළු වායු රයිෆලය කාර්මික දෝෂයක් හේතුවෙන් එය පිපිරීමෙන් මියගිය උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර  (45) මහතා  පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් උසස් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත .

උසස් වීමට අමතරව රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදීමටද පොලිස්පති වරයා පියවර ගෙන ඇත .

මහජන ආරක්ෂක කොට්ඨාශය කොට්ඨාශයට අනුයුක්තව  මධන කණ්ඩායමේ භාර නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටී  ඒ මහතා රාජකාරියේ යෙදී සිටියදී හදිසියේම මිය යාමේ සිද්ධිය  හේතුවෙන් .පශ්චාත් උසස්වීම් යටතේ  ඔහුට  මෙම උසස්  වීම ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි .