චමිල් රුපසිංහ
යෝජිත භික්ෂූ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතින් භික්ෂූන් වහන්සේ යටත් කර භික්ෂූන් වහන්සේ දඬු කඳේ ගැසීම සඳහා කූඨ සැලසුමක් රජය සතු බව මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.
මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පවා මේ වනවිට ඇතුළත් කර අවසන් බවත් මෙය සම්මත වුවහොත් භික්ෂූන් අතර පැහැදිලි ලෙසම බෙදීම් නිර්මාණය වන බවත් භික්ෂූන් අතර පවත්නා සුළු සුළු වෙනස් කම් බෙදීම් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.
අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම පිණිස රජය ගන්නා වෑයම හා එහි අන්තර්ගතය පිළිබඳව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් දැනුම්වත් කිරීම පිණිස මහනුවරට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ මේ බව කීවේය.
මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන්හි අනුමැතිය නොමැතිව රජයට කිසිසේත් මෙය අනුමත කිරීමට නොහැකි බවත් අභයතිස්ස හිමියෝ කීහ.