කථිකාචාර්යවරයාගේ මෝටර් රථය හදිසියේ ගිනි ගනී


බිමල් ශ්‍යාමන් ජයසිංහ

කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයෙකු පැද වූ මෝටර් රථයක් අද (23) ආර්.ඒ.ද මෙල් මාවත රැජින පාර හංදියේදී හදිසියේම ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

අනතුරින් කථිකාචාර්යවරයාට අනතුරක් සිදුවී නැති බව පොලිසිය පැවසීය.

මෝටර් රථය කොල්ලුපිටිය සිට බම්බලපිටිය දෙසට ධාවනය වෙමින් තිබියදී මොටර් රථයේ ඉදිරිපස කොටසින් ගින්න හට ගෙන  ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී හෙලි වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය කියයි.