කතෝලික පාසල් අප්‍රේල් 20 තෙක් වහයි


(ඩයනා උදයංගනී)

සියලුම රජයේ පාසල්වලට අප්‍රේල් 20 වැනිදා තෙක්  නිවාඩු ලබාදීමට රජය ගත් තීරණය අනුව යමින් සියලුම කතෝලික පාසල්වලට ද එම නිවාඩුව ලබාදීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තීරණය කර තිබේ.

ඒ අනුව නව කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව කතෝලික පාසල් සඳහා ද අප්‍රේල් 20 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව ප‍්‍රනාන්දු පියතුමා පැවසූහ.