මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් වාර්තා විය.
ඔහු නමින් ජී තරංගය. වයස අවුරුදු 33කි. කොණ්ඩා මෝස්තරය කැපීමට රුපියල් 800ක් වැය වූ බව ඔහු කියයි.
(ඡන්දයක් ප්‍රකාශ කර තිබිය දී අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සුදුසු නොවන හෙයින් ඔහුගේ හිසේ ඇති අපේක්ෂකයාගේ නම සහ පක්ෂය සදහන් නොකරමු.)



