කතාව නැවෙන් ගමන බෝට්ටුවෙන්


ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා  රැගෙන අවුත් මාසයක් තැන තැන රඳවාගෙන සිටි බව කියන උතුරු නැගෙනහිර වැසියන් 44 දෙනකු ඇප මත මුදා හරින ලෙස කළුතර මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය අද නියෝග කළාය.

කොච්චිකඩේ මොහොමඩ් ෆාරුක් ෆස්ලි (29), මොහොමඩ් සමිත් අජිලාන්(27)  දෙදෙනා පමණක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි.

පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලීසිය අද කියා සිටියේ මෙම පිරිස නැවකින් රැගෙන යන බව කියුවත් බෝට්ටුවකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

පිරිසක් රැගෙන කලින් පිටත් වු බෝට්ටුවක් ඔස්ට්‍රේලියාවට ළඟා වන තුරු මෙම පිරිස තැනින් තැන රඳවාගෙන සිටි බවද අධිකරණයේදී කියැවිණි.