එෆ්.අස්ලම්
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම කථානායකවරයා ගත් නිවැරදි තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් 122ක් නියෝජනය කරන පාර්ශවය හට එම පත්කිරීම සිදුකර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයට එම ධූරය දැරීමේ කිසිදු අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
වත්මන් දේශපාලන තත්වය සැළකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය විපක්ෂනායක ධූරය බලහත්කාරයෙන් තබා ගැනීම නුසුදුසු අසාධාරණ ක්‍රියාවක් බවත් ඉන් දෙමළ සන්ධානය දකුණේ ජනතාව ඉදිරියේ අප්‍රසාදයට හා හෑල්ලුවට ලක්වන බවත් සිද්ධාර්ථන් කීය.
ජාතික ආණ්ඩුව ගෙන යාමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි පාර්ශවකරුවන් වීම මත විපක්ෂනායක ධූරය දෙමළ ජාතික සන්ධානයට ලැබුණු බවත් මේ වනවිට හවුල් ආණ්ඩුවක් නොමැති තත්වය මත දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය දැරීමේ කිසිදු අයිතියක් නැති බව සිය පෞද්ගලික මතය බවත් හෙතෙම කීවේය.