කතානායකගෙන් විමල්ට දැඩි අවවාද



(ආරියරත්න රණබාහු - සුජිත් හේවාජුලිගේ)


පාර්ලිමේන්තුව විගඩමක් කර ගන්න එපා යැයි  කතානායක කරු ජයසුරිය මහතා ඒකාබද්ධ  විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කරමින් අද (23) කියා සිටියේය.


වීරවංශ මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් ඇදීම සඳහා කිහිපවරක් මයික්‍රෆෝනය ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබුණු නිසා  මහ හඬින්‘කතානායකතුමෝ‘  යැයි හඬ නඟා පැවසු අවස්ථාවේදී  නොරිස්සුම් තත්ත්වයට පත් වු  කතානායකවරයා  රීතී ප්‍රශ්නයට ඉඩ දී එය රීතී ප්‍රශ්නයක් නොවේ යැයි පවසමින් ඒ බව සඳහන් කළේය.


කතානායකවරයා විරවංශ මන්ත්‍රීවරයාට අවවාද කරමින් මෙසේද කීය.


‘මේක ශීලාචාර ස්ථානයක්. පාර්ලිමේන්තුව විගඩමක් කරගන්න එපා. ඉස්සෙරලාම මට කතා කරන්න දෙන්න .ඔබතුමා වාඩි වෙන්න මං තුන්වෙනි වතාවට කියන්නේ. ඉන්පසු විමල් වීරවංශ මන්ත්‍රීවරයා නහඩව අසුන්ගනු දකින්නට ලැබිණි.