
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මන්ත්‍රීවරුන් පස් දෙනකු බාරදුන් වරප්‍රසාද ප්රශ්නය සභාවේ මතු කිරීම සඳහා ඉඩ නොදීමට තීරණය කර ඇත.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේදී මේ බව අද නිවේදනය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මනෝ ගනේෂන් මුජිබර් රහුමාන් සහ චානක මාදුගොඩ මෙම වරප්‍රසාද ප්‍රශ්න මතුකළ මන්ත්‍රීවරු වෙති.
අදාළ ඉල්ලීම් පහ (05) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 118 යටතේ 'වරප්‍රසාද කඩ කිරීමේ කාරණා' ලෙස නොසැලකෙන හෙයින් ඒවා මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවට මූලික සාක්ෂි (prima facie) තහවුරු නොවන බව එම නිවේදනයේ සඳහන් වේ.
එබැවින්, මෙම වරප්‍රසාද කඩ කිරීමේ කාරණා සභාව තුළ මතු කිරීමට කිසිදු පදනමක් නොමැති බවද නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නේය.

