කතානායක අසනීප වී රෝහලේ


 

 

(සුජිත් හේවාජුලිගේ)

කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) උදෑසන ඇතුළත් කරනු ලැබීය.

ඔහු මේ වන විට වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු ආසියානු කතානායකවරුන්ගේ සමුළුව සංවිධානය කිරීම හා තවත් රාජකාරී කටයුතු කිපයක් නිසා කතානායකවරයා පසුගිය දිනවල අධික ලෙස වෙහෙසට පත්වීමෙන් මෙසේ හදිසියේ අසනීප වුණූ බව කතානායක කාර්යාලය බවසයි.