කතානායක සභාපති ’’මන්ත්‍රී තෙල්’’ එපා කියලා


(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ  නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට  ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට   පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

මේ අනුව ඔවුන් දෙදෙනාට මේ මාසයේ සිට  හිමිවන්නේ එම තනතුරුවලට ලැබෙන ඉන්ධන දීමනාව පමණි.

ජාතික ජන බලවේග රජයේ අගමැතිවරිය ඇතුළු ඇමතිවරුන් සියලු දෙනාද මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට මීට පෙර  වරින් වර ලිපි බාරදී තිබිණ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට   මන්ත්‍රීවරයෙකුට රුපියල් 250,000 සිට රුපියල්  450,000 දක්වා ඉන්ධන දීමනාවක් හිමි  වෙයි.