දේශීය මුද්‍රානාට්‍ය ශිල්පියෙක් ලෙස දිගු ඉතිහාසයකට හිමිකම් කියන අපූර්ව කලාකරුවෙක් තමයි නිලාන් මලිගැස්ප. ඔහු විටෙක ඡුායාරූප ශිල්පියෙක් ලෙසද සිය දක්‍ෂතා විඳහා දැක්වූවා.
ඔහු කිහිපවතාවක්ම සිය දක්‍ෂතාවන් නිසා සම්මානවලටත් ගරු බුහුමන්වලටත් පාත‍්‍ර වුණා. නිලාන් උගත් මේ නර්තන ශිල්පය ලාංකීය දරු දැරියන් අතරට බෙදාදීමට මහත් වෙහෙසක් දැරූ අතර නර්තන කුසලතාවයෙන් හෙබි දරු දැරියන් බොහෝ දෙනෙක් කලා ක්‍ෂේත‍්‍රයට බිහි කිරීමටත් සමත් වුණා. මේ සටහනත් ඔහු කළ තවත් අලූත් වැඩ කටයුත්තක් පිළිබඳ සහ ඔහුගේ කලා දිවියේ තොරතුරු පිළිබඳව.
මුලින්ම කතා කරමු ඔබ නිර්මාණකරණයට පිවිසුණේ කොහොමද කියලා.?
මම පොඩි කාලෙ ඉඳන්ම නර්තනයට සහ රංගනයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම තමයි දේශීය නර්තන කලාවත්, භරත නර්තන කලාවත්, බටහිර නර්තන කලාවත් හැමදේම අධ්‍යනය කරන්න අවස්ථාව ලැබුණෙ. දේශීය නර්තන කලාව රංගනාථ සර්ගෙන් සහ භරත නර්තන කලාව විද්‍යාරථන සර්ගෙන් වැඩිදුරටත් ඉගෙනගත්තා. ඒ ප‍්‍රගුණ කරපු දේවල්වලින් ළමයින්ට දෙයක් දෙන්න ඕනෑ කියලා හිතුණ නිසා දක්‍ෂ ළමයි වෙනුවෙන් මම ඉගෙනගත්ත දේවල්වලින් යම් දෙයක් කරන්න හිතුවෙ. මේ නර්තන කලාවට ගොඩක් අය කැමැති වුණාට ඒ සඳහා තියෙන බාධක මට තේරුණා. විශේෂයෙන්ම ආර්ථික ගැටලූ. ඒ සියලූ දේවල් නිසාමයි මම හිතුවෙ මම යම්කිසි දෙයක් ඉගෙනගත්තට පසුව දක්ෂ දූ දරුවන් වෙනුවෙන් නොමිලේ නර්තනය සහ රංගනය කියන දේ ඔවුන්ට ලබාදෙන්න ඕනෑ කියලා.
ඒ අරමුණ නිසා තමයි මම මීට අවුරුදු 23කට කලින් කලායතනයක් පටන් ගත්තේ. ‘‘නිලාන් මලිගැස්ප ක‍්‍රියේටිව් ඩාන්ස් ඇන්ඞ් ඩ‍්‍රාමා ඇකඩමි’’ නමින්.
ඔබට සම්මානවලට පවා පාත‍්‍රවෙන්න අවස්ථාව උදාවෙනවා නේද?
ඔව්, ඒ දවස්වල යෞවන සමාජවල සහ පාසැල්වල තියෙන කලා උළෙලවල්වලදී නර්තන, රංගන කටයුතුවලට ගොඩක් සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අතරතුරදී තමයි 1980 ගණන්වල සම්මානවලට පාත‍්‍රවෙන්න හැකියාව ලැබෙන්නෙ. මගෙ පළමු මුද්‍රා නාට්‍යය 1998 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. ‘‘කඩතුරු නිමේෂය’’ නමින්. එහිදී ඒ නාට්‍යය ඒ කාලවකවානුවේ හොඳම නාට්‍යය බවට පත්වුණා. ඒ සම්මාන උළෙලදී නවතම විදියට අලූත් මාතෘකාවක්, තේමාවක් යටතේ නව මුහුණුවරකින් මුද්‍රා නාට්‍යය දෙස බලපු කෙනෙක් විදියට මාව තේරී පත්වුණා. එහිදී තමයි මට මේ නර්තනයන් ඉදිරියට ගෙන යන්නට නව ජවයක් ලැබුණේ.
ඉන් පසු මම ඉදිරිපත් කළ නිර්මාණයන්ද සම්මාන රැසකට පාත‍්‍ර වුණා. ඒ විදියට නිර්මාණ කරලා ටිකක් නිහඬව ඉඳලා තමයි 2010 වර්ෂයේ අනෙකුත් නිර්මාණ කරනවාත් සමඟම වැඩි ප‍්‍රවණතාවයක් මුද්‍රා නාට්‍යවලට ලබා දෙන්නෙ. මොකද මම මුද්‍රා නාට්‍යය ලංකාවෙ දියවෙලා යන කාලෙවත් ඒවා අත ඇරියෙ නෑ. දිගටම ඒ දේවල් ඉදිරිපත් කරමින් ඉදිරියට ආවා.
මේ දවස්වල අලූත්ම වැඩකට අතගහලා නේද ඉන්නෙ?
ඔව්. මගෙ කලායතනය ඇතුළෙ බටහිර සහ දෙස් විදෙස් නර්තන දෙවර්ගයම තියෙනවා. ඒ අතරින් මම ඉදිරිපත් කරන නිර්මාණ ඔස්සේ හැම අවුරුද්දකම බිහිවෙන නිර්මාණ අතරෙ කුමක් හෝ අලූත් දෙයක් තියෙනවා. අලූත් සංකලනයක්. ඒ හරහා තමයි මගෙ නැටුම්වලින් අලූත් දෙයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණේ. ඒ නිසා තමයි මම ‘‘ඉමෝෂනල් ඩාන්ස්’’ කියන දේ අලූතින්ම හඳුන්වන්නෙ.
‘‘ඉමෝෂනල් ඩාන්ස්’’ හි විශේෂත්වය ගැන කිව්වොත්?
මට ලොකු ආසවක් තිබුණා කතා කරන්න බැරි (ගොළු) ළමයින්ගෙ හැසිරීම් රටාවන්වලින් ඒ අය වෙනුවෙන් ඒ අයගෙ හැඟීම්, බැලීම්, හැමදේම මුල් කරගෙන කුමක් හෝ දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්න.
ඔවුන්ට වෙනම භාෂාවකුත් තියෙනවනෙ. ඒවත් එකතු කරගෙන ඔවුන්ගෙන් ගන්න පුළුවන් දේ අරගෙන මමත් ඒ දේවල් අධ්‍යනය කරලා ඒ අත්දැකීම් සමඟ දෙයක් කළොත් හොඳයි කියන දේ තමයි මගේ ඔළුවට ආවෙ. මේ දේ කලාන්තරයක් තිස්සේ මගෙ ඔළුවෙ වැඩ කරපු දෙයක්.
ඉතින් මම මේ දේවල්වලට අඩංගු කරගත්තෙ ඇඞ්වාන්ස් දේවල් නෙමෙයි. ඔවුන් හුස්ම ගන්න එක, යමක් දිහා බලන විදිය ඒ හැමදේම මම දැක්කෙ ඩාන්සින් මූමන්ට් එකක් විදියට. ඉතින් ඒ හැම අංගයක්ම වගේ එකතු කරලා නර්තන හැඩතල ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වුණේ. අඩුම තරමෙ ඔවුන්ට ප‍්‍රසංගයක නර්තනයක් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්නම් කොයිතරම් හොඳයිද කියන දේ මට දැනුණෙ. ඒ නිසා ඒ වෙනුවෙන් මම විෂය නිර්දේශයක් පවා සකස් කළා. ඒ නර්තන හැඩතලවලට ඕනෑම රටක ක්ලැසිකල් සෝන්ග්ස්වලට නර්තන ඉදිරිපත් කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණ හැදුවෙ.
මේ සඳහා මොන වගේ ප‍්‍රතිචාරද ලැබුණෙ.?
‘‘ඉමෝෂනල් ඩාන්ස්’’ කියන දේ ආරම්භ කරපු දවසෙ මම වේදිකාවෙ ඒ ළමයින් යොදවලා ගීත පහක් පමණ ඉදිරිපත් කළා. පේ‍්‍රක්‍ෂකාගාරයෙ ඉන්න හැමෝගෙන්ම වගේ හොඳම ප‍්‍රතිචාර ලැබුණෙ. එහිදී අම්මා සඳකි වැනි ගීත තමයි ඉදිරිපත් කළේ. හැමෝම කිව්වෙ ඒවා බලලා භාවනාවකට ගෙනිච්චා වගේ කියලා. ඒකට හේතු වුණේ මම එහිදී ඉදිරිපත් කළේ ඉමෝෂනලි හදවතටම දැනෙන ගීත.
ධනු විජේරත්න



