කතරගම ‘අසේලට’වස දුන්‍ ප්‍රධාන සැකකරු අල්ලයි


(එම්. කේ. නන්දසේන)

 කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ භාරයේ සිටි අසේල නැමැති අලියාට පැණි කොමඩු ගෙඩියකට වස මිශ්‍ර කොට කෑමට සැලැස්සූ බව කියන ප්‍රධාන සැකකරු මාස හයක පමණ කාලයක් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පෙලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, කටුකිතුල, පන්විල අයෙකි. 

සැකකරු වෙනත් කිසියම් සිද්ධියක් සඳහා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී මෙම සිද්ධිය අනාවරණය වී කතරගම පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යවා මෙම සැකකරු රැගෙන විත් ඇති බව කතරගම පොලිසිය කියයි.