කතරගම හර්තාල්


  (කේ. ඩි .දේවපි‍්‍රය )
 
රුහුණු මහා කතරගම පුදබිම තුළ  වසර 04 ක කාලයක් පුරා සිදු වන විවිධ අක‍්‍රමිකතා වැළැක්වීමට  වගකිව යුත්තන් පියවර නොගන්නා බව පවසා කතරගම ඒකාබද්ධ වෙළඳ සංගම් 05 සහ  ප‍්‍රදේශවාසිහු එක්ව  අද (28)  හර්තාල් ව්‍යාපාරයක නිරත වූහ.
 
නගරයේ කඩ වසා නගරය පුරා කලූ කොඩි ඔසවා මෙම විරෝධය දැක්වීම  සඳහා වෙළදුන් කි‍්‍රයාකර තිබුණි.

කතරගම පුදබිමට  සති අන්ත නිවාඩු දිනයන් හී දි විශාල ලෙස රථ වාහන පැමිණෙන අතර ඒවා පුජා භුමියේ තැනින් තැන  නවතා තැබීම ද විශාල ගැටලුවක් බවත් , එලෙස පැමිණෙන  රථ වාහන හිමිකරුවන්  මත්පැන් භාවිතා කිරීම් වැනි කි‍්‍රයා  කිරීමෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔවුහු පවසති.

එමෙන්ම පිටස්තර ජංගම වෙළඳුන් පැමිණිම  හේතුවෙන්  පුදබිම තුළ  විශාල පරිහානියක් සිදු වන  බවත් පවසන ඔවුහු   මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති. විහාරස්ථාන හිමිවරු හා ප‍්‍රදේශයේ දේශපලඥයින් දැනුවත් කළ ද තවමත් විසදුමක් නෙවු බවද  සඳහන් කරති.
 
ඉදිරියේදී  මෙම කි‍්‍රයා  නවතා දැමීමට කි‍්‍රයා නෙකරන්නේ නම් දැඩි  තිරණ ගැනීමට සිදු වන බවද අදහස් දක්වමින් එකමුතු වෙළෙඳ සංගමයේ ලේකම් එම්. කේ නන්දසේන මහතා  සඳහන් කළේය.