කතරගම වෙසක් කලාපය දින තුනක්


වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම ගම් උදා හන්දියේ සිට මහසෙන් වට රවුම දක්වා  කිලෝ මීටර් දෙකක වෙසක් කලාපයක් පැවැත්වීමට යයි.

කතරගම බස්නායක නිළමේ හා ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ප්‍රදේශයේ ආරක්ෂක අංශ රාජ්‍යය ආයතන ,රාජ්‍ය හා පෞද්ගලික හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මැයි 13 සිට 15 දක්වා වෙසක් කලාපය පැවැත්වේ.

වෙසක් නිර්මාණ අංශ හතරකින් ඉදිරිපත් කළ හැකි බව ගජබා රෙජිමේන්තුවේ 14 වැනි බළ ඇණිය කියයි.

රාජ ආරක්ෂක අංශ,රාජ්‍ය හා පෞද්ගලික අංශ ,පාසල් දහම් පාසල් හා  සාමාන්‍ය වැසියන්ට නිර්මාණ ඉදිරිපත් කළ හැකි බවත් එම කමිටුව පවසයි.

එක් එක් අංශයෙන් මුල් ජයග්‍රකයින් තිදෙනාට මුදලින් තෑගි ද දස වැනියා දක්වා සැනසිලි තෑගි ද පිරි නැමීමට නියමිතය.

කතරගම කාවන්තිස්ස පුර යුද හමුදා කඳවුර  , තිස්සමහාරම,කතරගම,ලුණුගම්වෙහෙර හා බුත්තල ප්‍රාදේශිය ලේකම් කාර්යාල, කිරිවෙහෙර රජ මහා විහාරය ,ප්‍රධාන කාර්යාලය,

හම්බන්තොට 12 වැනි  සේනාංක මුලස්ථානයෙන් අයදුම්පත් ලබා ගැනීමටත් ඉදිරිපත් කිරීමටත් හැකි බව  සංවිධායක මණ්ඩලය කියයි.

047-5677315  ෆැක්ස් අංකයට අයදුම්පත් යොමු කළ හැකියි.