කතරගම වෙඩි තැබීමකින් පොලිස් නිලධරයෙක්ට තුවාල


(අනීෂා මානගේ)

කතරගම ප්‍රදේශයේ දී  අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි..

රාජකාරී සඳහා වාර්ථා කරමින් සිටි මෙම බුද්ධි අංශ පොලිස්  නිලධාරියාට අද (21)  උදෑසන 6.50ට පමණ   ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු  කතරගම නගරයේදී වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි අංශයේ තංගල්ල කාර්යාලයේ සේවය කරන පුෂ්පකුමාර කොඩිතුවක්කු නම් පොලිස් කොස්තාපල්වරයෙකි. 

වෙඩි ප්‍රහාරයෙන් නිළධාරියාගේ වම්අතේ මැණික් කටුව අසලට හානි වී ඇති අතර ඔහු  ප්‍රතිකාර සදහා දෙබරවැව රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.