කතරගම පාරක් අඳුරේ


රුහුණු කතරගම දේවාලයට බැතිමතුන් ගමන් ගන්නා ප්‍රධාන මාවත වන අංක 2 පාළම අසල රාත්‍රී කාලයේ විදුලි ආලෝකයක් නොමැතිවීම නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වන බව කියති.

දෙස් විදෙස් සංචාරකයෝද මේ පිළිබඳ කනගාටුව පළ කර සිටිති. විදුලි එළිය අනවශ්‍ය ස්ථාන රැසකට විදුලිය ලබාදී තිබියදී මෙවැනි ප්‍රධාන මාවතක් අඳුරේ තැබීම මංපහරන්නන්ට අත්වැලක් වී ඇති බවත් ඔවුහු කියති.