(ඉන්දිකා රාමනායක)
පොලිස් වෙඩි පහරින් කතරගම තරුණයකු මියායාමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ කලහාකාරී ලෙස හැසිරී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (23) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තිදෙනෙකු ලබන මැයි 02 දක්වා රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චානක අමල් රංගන, වන්නිආරච්චිගේ ප්‍රභාත් බුද්ධික, පොහොට්ටු කංකානම්ගේ ප‍්‍රභාත් සංජය යන තිදෙනාය.
මොවුන්ට තිදෙනාට වරෙන්තු නිකුත් කර තිබියදී අද මොවුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාර වී තිබුණි.
ඉකුත් ජනාවාරි 01 දින සිදු වූ එම සිද්ධියෙන් එක්දරු පියෙක් මියගොස් තිබූ අතර මීට පෙර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙක් තවමත් රිමාන්ඩ් බාරයේ පසුවෙති.