අනීෂා මානගේ
කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු අද (20) ඇප ලබා පිටව ගියේය.
2018 ජනවාරි මස 21 දින විරෝධතාවයක් අතරතුරදී කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්වූ ඒ මහතා ඇප පිට මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් ප්‍රසන්න ලක්ෂ්මන් මහතා ඊයේ (19) නියෝග කළත් ඇප කොන්දේසි සැපිරීමට ඔහු අපොහොසත් විය.
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එන් එක් පුද්ගලයෙක් රජයේ සේවකයකු විය යුතු බවට ඇප කොන්දේසියක් පැණවීය. ඊයේ (19) එම ඇප කොන්දේසිය සැපිරීමට නොහැකි වූයෙන් යළිත් රිමාන්ඩ් කැරුණු අතර අද ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු පිටව ගියේය.
විරෝධතාවය අතරතුර පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා එල්ල විය. සභාපතිවරයා හා තවත් සැකකරුවෝ දෙදෙනෙක් පසුගිය අප්‍රේල් මස 23 දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු රිමාන් කරනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් ඉදිරි පැමිණිලි විභාගය ජූලි මස 03 දිනට කල් තැබිණි.