කතරගම පරීක්ෂණ රහස් පොලිසියට


තරිඳු ජයවර්ධන
 
කතරගම දී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑම ගැන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් කතරගම බලා පිටත්ව ගොස් ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙස්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
කතරගම පොලිසියෙන් කළ වෙඩි තැබීමකින් සෙනසුරාදා (20) රාත්‍රී පුද්ගලයකු මිය ගිය අතර ඊට විරෝධ දක්වමින් ප්‍රදේශවාසීහු පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළහ. කෙසේ වෙතත් පොලිසිය රාත්‍රියේම උද්ඝෝෂකයන් විසිරුවා හැර තිබිණි.
 
මේ වන විට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර රහස් පොලිසිය වැඩිදුර විමරශන සිදු කිරීමට නියමිතය.