කතරගම දේවාලයේ බස්නායක නිලමේගේ තනතුර අත්හිටුවයි


රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
 
නිලමේවරයා සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ඒ මහතා කීවේය.
 
නිලමේවරයාගේ තනතුර අත්හිටුවීම ගැන දැනුම්දීමට අද (10) සවස බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.