(එමි.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට උරුමයක් ඇති කතරගම ප්‍රදේශවාසී ජනතාවට පෙරහර නැරඹීම තහනම් කොට කොළඹ ඇතුළු දුරබැහැර ප්‍රදේශයන්හි ජනතාවට පෙරහර නැරඹීමට ඉඩ ලබාදීම පිළිබඳව පිළිකුල් සහගතව හෙලා දකින බව ප්‍රදේශවාසීහු පවසති.
දේවාලය වටරවුමේ පදිංචිවී සිටින ජනතාවට පාපැදියකින් යතුරුපැදියකින් වත් ගමන් කිරීමට ඉඩ නොදී බස්නාහිර, දකුණ ඇතුළු දුරබැහැර පළාත්වලට අයත් සුඛෝපභෝගී ජීප් රථ, කාර් යනාදී වාහනවලින් පැමිණෙන විශාල පිරිසක් පූජාභූමි සීමාවේ වාහන නතර කොට දිනපතාම පෙරහැර නරඹන්නෙ කෙසේදැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කර සිටිති.
කතරගම කිරිවෙහෙර මහා දේවාලය ඇතුළු ආගමික ස්ථාන නිසාවෙන් ජීවිකාව පවත්වාගෙන යන සෑම වසරකම තම දූ දරුවන් සමඟ පෙරහර නරඹා ඇති බව පවසන ප්‍රදේශවාසීන් පෙරහර ආරම්භ වන අවස්ථාවලදී මතුවන බෙර හඬ, කස කරැවන්ගේ හඩ ඇසී තම දූ දරුවන් හැඩීමට පටන් ගන්නා බවද පවසති.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී මේ අයුරින් පිට පළාත්වල සිට වාහන ඇතුළු කරන්නේ කෙලෙසදැයි ඔවුන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිති.
මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසිය.
තමා කිසිදු පිටස්තර පුද්ගලයන්ට කතරගම පෙරහර බලන්න ආරාධානා කර නැහැ.කොළඹ සිට ආ වාහන කතගරම පූජා භූමියේ ඇත්නම් මට දන්වන්න. ඇතැම් විට පෙරහරේ කොටස් බාරව සිටින කොළඹ නිලධාරින් පැමිණ සිටියා ද දන්නේ නැහැ.
කතරගම ජනතාවට අසාධාරණයක් වෙන්න ඉඩ තබන්නේ නැහැ යැයි ද පැවැසීය.

