ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය නිමිත්තෙන් කප්සිටැවිමේ මංගල්‍ය අද උදෑසන නැකතට සිදු විය.
කප් සිටුවා දින 45 ක් ගිය පසු එනම් ජුනි 28 වැනි දින ඇසළ මංගල්‍ය පැවැත්වේ. පුරා දින 15ක් පෙරහර මංගල්‍ය පවත්වා ජුලි 12 වැනි දින අවසන් පෙරහැර පැවැත්විමෙන් අනතුරුව ජුලි 13 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ උත්සවයෙන් පෙරහැර මංගල්‍ය අවසන්වේ.

