කතරගම ඇසළ පෙරහර චාරිත්‍රවලට සීමා වේ


(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රවලට පමණක් මුල්තැන දෙමින් සිදු කිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවේදී තීරණය කළ බව මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇසළ මංගල්‍ය බැතිමතුන්ගෙන් තොරව හුදකලාව චාරිත්‍රවලට පමණක් කිරීමට එම සාකච්ඡාවේ දි එකඟවී ඇතැයි වාර්තා වෙයි.

පාද යාත්‍රාව සිදු නොකර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත සෞඛ්‍ය උපදෙස් පරීදි ඇසල මංගල්‍ය සිදු කිරීමට කටයුතු යොදා ඇත

ජූලි 10 වැනි දින සිට ජූලි 23 දින අවසන් මහා පෙරහර පවත්වා 24 වැනි දා දිය කැපීමෙන් ඇසළ පෙරහර අවසන් කිරීමට නියමිතය.