කණුවේ බැඳ සිටි මිනිසා මරු දකී


පෑලියගොඩ මහ නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේදී පහරදී කකුල් ගැටගසා කණුවක බැඳසිටි 37 හැවිරිදි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිට මිය ගිය බව පෑලියගොඩ පොලීසිය කියයි. මේ අතර රත්නපුර මාපලානේදී පොල්ලකින් පහරදී 47 හැවිරිදි ගැමියකු මරා දැමූ සැකකරු සොයන බව පොලීසිය පවසයි.