( එච්. චන්දන )
කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (29) එහි නිරීක්ෂණය චාරිකාවක නිරත විය.
කිසිදු නිලධාරියෙකුගේ අවධානය යොමු නොවූ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇති කණුකැටිය - මුඩත්ත වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කීරීමට අවශ්‍ය උපදෙස් එහිදි අමාත්‍යවරයා විසින් නිලධාරින්ට ලබා දුන්නේය.
පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යන ඕනෑම අයකුට මෙම වැව් බැම්ම කැඩී ගොස් ඇති අයරු පෙනෙන බවත් මෙතෙක් දවසක් මේ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තමා කඩිනමින් සොයා බලන බවත් අමාත්‍යවරයා කීය.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම පිළිබඳව ලංකාදීප එසැණ වෙබ් අඩවියට ස්තූති කරන බවද අමාත්‍යවරයා එහිදි කියා සිටියේය.