(නිමල කොඩිතුවක්කු)
කොළඹ ඉඟුරු කඬේ හන්දිය සිට කොළඹ කොටුව චෛත්‍ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඉදිකරන ව්‍යාපෘතිය සදහා මේ දිනවල කොන්ත‍්‍රාත් කරුවන් සොයා ගැනීමේ ක‍්‍රියාවලියේ යෙදෙන බවත් ඔහු කියා සිටියේය.
කොළඹ වරාය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක බවද බත්තරමුල්ල පිහිටි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
එමෙන්ම කැළණිය පාලමේ සිට ඔරුගොඩවත්ත සිට රාජගිරිය දක්වා කණු මතින් ඉදිකරන මාර්ගයේ කටයුතු ලබන වසරේ මාර්තු වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් වසර තුනක් තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවත් නිහාල් සූරිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.