(නිමල කොඩිතුවක්කු)
පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පොතුඅරාව ප්‍රදේශයේ කිසිදු නිවසකට හානි නොකර මුල් සැලසුම අනුව වෙල්යාය මතින් ඉදිකරන ලෙස ඉල්ලා පිරිසක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත පිහිටි මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක අද (22) නිරතවූහ.
මෙම පිරිස අද මධ්‍යහන 12:00 සිට පස්වරු 1.00 පමණ දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.
"පෑලියගොඩ අතුරුගිරි අධිවේගී මාර්ගය පොතුඅරාව කිසිදු නිවසකට හානි නොකර මුල් සැලසුම අනුව වෙල් යාය මත ඉදි කරමු, අධිවේගය වහල මතින් ජන ජිවිත රැසක් අනතුරේ, ගොඩින් නොගොස් මඩින් යන්න, ගෝලීය වසංගතය තුළ ජනතාව මහමගට ඇද දැමීම සාධාරණද" ආදී බැනර් සහ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරත විය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





