(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය- කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියෙන් හමු වූ අමුතු ආකාරයේ බෝම්බ යුද සමයේදී කොටි සංවිධානය නිෂ්පාදනය කළ ඒවා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
යුද සමයේදී කොටි සංවිධානය නිශ්පාධිත ‘තමිලන් ගුණ්ඩු නැමති අත්බෝම්බ විශේෂයට සමාන බෝම්බ දෙකක් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලෙකම් කාර්යාල භූමියේ වළදමා තිබියදී නිලධාරියෙකු දැක ඒ බව පොලීසිය දැනුම් දීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ 28 වැනිදා මෙම බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් අතර ඒ්වා ෙකාටි සංවිධානයට අයත් බව තහවුරු ෙකරිණි.
කොටි සංවිධානය විසින් යුද සමයේදී අදාල බෝම්බ සාදා ආරක්ෂක අංශ වෙතට මර උගුල් ඇටවීම සඳහා යොදා ගන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සැක පළ කරයි.