වාහනයකට යටකර දමා ගිය බවට සැක සිතිය හැකි පිරිමියකුගේ සිරුරක් අද(15) අලුයම දඹුල්ල කණ්ඩලම පාරේ තිබී හමුවී ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය පවසයි. ඔහුගේ හිස ප්‍රදේශය ට බරපතල තුවාල සිදුවී ඇත .වාහනයකට හැපී වාහනය පලාගියේද එසේ නැතිනම් මෙම පුද්ගලයා වාහනයකට යටකර ඝාතනය කළේද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

